පසුගිය මහ මැතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළ නඩුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය මහ ලේකම්, හිටපු අමාත්ය හරින් ප්රනාන්දු මහතා අද (20) බදුල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූ දිනයේ දහවල් බදුල්ල නගරයේදී මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් පෙළපාලියක ගමන් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා 2024 නොවැම්බර් 20 වැනිදා බදුල්ල මූලස්ථාන පොලිසියට පැමිණි අවස්ථාවේදී හරින් ප්රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඔහු මුදාහැරීමට නියෝග කර තිබූ අතර, අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්යවරයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේය.














