ස්වාභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත් ධීවර ප්රජාවගේ ජීවනෝපාය යළි නඟාසිටුවීමේ අරමුණින් කිලිනොච්චි දිස්ත්රික්කයේ තෝරාගත් ධීවරයින් 19 දෙනෙකුට සහනාධාර පදනම මත බෝට්ටු ප්රදානය කර තිබේ.
‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ධීවරයින්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ක්රියාත්මක සහන වැඩසටහන යටතේ මෙම බෝට්ටු ප්රදානය සිදුකර ඇති අතර, තට්ටුවන්කෝට්ටි ප්රදේශයේ ධීවරයින් ද ප්රතිලාභීන් අතර සිටින බව වාර්තා වේ.
මේ අතර, ධීවර හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කිලිනොච්චි දිස්ත්රික්කය තුළදීම හැඳුනුම්පත් මුද්රණය කර නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. එහි පළමු අදියර යටතේ ධීවරයින් 20 දෙනෙකුට නව හැඳුනුම්පත් ලබාදී ඇත.
මෙතෙක් කොළඹ පිහිටි ප්රධාන කාර්යාලයෙන් පමණක් හැඳුනුම්පත් මුද්රණය කර නිකුත් කිරීම හේතුවෙන් ධීවරයින්ට දැරීමට සිදුවූ ගමන් වියදම් සහ කාලය අවම කිරීම මෙම නව වැඩපිළිවෙළේ අරමුණයි.
ධීවර ප්රජාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම, ධීවර කර්මාන්තය ප්රවර්ධනය කිරීම සහ රාජ්ය සේවාවන් ජනතාවට සමීප කිරීම සඳහා මෙම වැඩසටහන් ක්රියාත්මක කර ඇති බව ධීවර අමාත්යාංශය සඳහන් කරයි.















