අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට නිකුත් කර තිබූ වරෙන්තුව මහර අංක 01 ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විසින් අද (ජූලි 01) ආපසු කැඳවනු ලැබීය.
නීතීඥ නුවන් බෝපගේ මහතා ඉදිරිපත් කළ මෝසමක් මගින් සැකකාර වසන්ත මුදලිගේ මහතා අධිකරණයට භාරවීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත්වරිය ඔහුව පෙර ඇප මත මුදා හැරීමට නියෝග කළාය. 2023 වසරේදී කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් මාර්ග අවහිර කිරීම, රජයට එරෙහිව කැරලි ගැසීම සහ පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.
















