27 April 2024
#දේශීය

මාතලේ ගම්මිරිස් ගොවින් අසරණ වෙලා

පොහොර නොමැතිකමින් ඵලදාව අඩුවිම ඇතුලු හේතු ගණනාවක් නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මිරිස් ගොවින් අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවත් මේ නිසා ගොවින් අසුදහසකට වැඩි පිරිසකට යන එන මං නැති වි තිබෙන බව ගම්මිරිස් වගාවේ නිරත ගොවින් පවසයි.

මෙම සුලු අපනයන බෝග වගාවේ නිරත ගොවින් මෙම වසංගත කාලය තුළදි මෙම තත්වයට මුහුණ දිම නිසා තවත් අපහසුතාවයට පත්ව සිටින බවද පවසයි.

සුළු අපනයන බෝග වගාවන් වැඩි වශයෙන් ඇති වගා කරන මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට,අඹන්ගගකොරලය.යටවත්ත උකුවෙල ආදි ප්‍රදේශවල ගොවි පවුල් දහස් ගණනක් මෙසේ අපහසුතාවයන්ට පත්ව සිටින බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පවසයි.

මාතලේ හා ඒ අවට කුඩු නගරවල සුලු අපයනය බෝග මිලදිගැනිම් වෙළදසැල් වලින්ද ගම්මිරිස් මිලදි ගැනිම්ද නිසි ආකාරව සිදු නොවන බවද ගොවිහු කියයි.

මීට මාස හයකට පමණ පෙර රුපියල් 1400ක්ව තිබූ වියළි ගම්මිරිස් කිලෝවක මිල මේ වනවිට රුපියල් 500 පමණ වන බවත් එයද විකුණාගත නොහැකි තත්ත්වයක් ගොවින් පත්ව ඇති බවත් රුපියල් 500 තිබූ අමු ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 180 දක්වා පහළ වැටී තිබෙන බව ගොවීහු පවසන අතර මේ නිසා ගොවින් එම වගාවලින් ඉවත් විමේ අධානමකට ලක්ව ඇති බවද ගොවිහු කියයි.

මෙම ප්‍රදේශවල ප්‍රධාන ආර්ථික බෝගය බවට ගම්මිරිස් වගාව සිදු කළ බවත් වසරේ වැඩිම අදායමක් ලබමින් තම ආර්ථිකය ශක්තිමත් වු බවත් වර්තමානය වන විට ගම්මිරස් වගා කළ ඉඩම් ගොවින් විසින් අතහැර දැමිමේ තත්වයට මුහුණ පා ඇති බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පවසයි.

අක්කරයක ගම්මරිස් වගා කළ ගොවින් විශාල අදායමක් ලබා ගත් බවත් මේ වන විට සියලු ආදායම් බිද වැටි ඇති බවද ගොවිහු පවසයි.

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *