27 April 2024
#දේශීය

තෘණ බෝගයක් ලෙස වගා කිරිමට පියවර- රාජ්‍ය ඇමති ඩි.බි හේරත් කියයි

තෘණ භෝගයක් ලෙස වගා කිරීමට හා තෘණ වගා ව්‍යවසායකයින් බිහි කිරිමට කඩිනම් වැඩ පිළීවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පැවසයි.

ඒ මහතා මෙම අදහස් පලකළේ ඉකුත්දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැති 2022 පශු සම්පත් වැඩ සටහ පිළිබදව රාජ්‍ය නිලධාරින් හා දේශපාලන නායකත්වය දැනුවත් කිරීමේ වැඩ සටහනකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා මේ වසර මැද භාගය වන විට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් ජංගම කිරි අලෙවි රථයක් ආරම්භ කළ යුතු බවත් එමගින් පිටිකිරි වෙනුවට නැවුම් කිරි භාවිතයට ජනතාව හුරුකළ යුතු බවත් පැවැසීය.

මේ වසර සදහා පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනයට විශාල මුදලක් වෙන්කර ඇති බවත් මෙම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීම සදහා සියළු දෙනාගේ දායකත්වය හා කැපවීම අපේක්ෂා කරන බවත් පැවසු ඒ මහතා මේ ක්ෂේත්‍රයේ නිරත වී සිටින කිරි ගොවින් මෙන්ම නිලධාරින් අභිප්‍රේරණය සදහා දිස්ත්‍රික්, පළාත් හා ජාතික මට්ටමේ ඇගැයීම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වු මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය පැවැසුවේ දිස්ත්‍රික්කය තුල සත්ව නිෂ්පාදන වැඩි දියුණු කිරීමටත් ප්‍රචලිත කිරිමටත් රාජ්‍ය අංශයේ උපරිම දායකත්වය ලබාදෙන බවයි.

මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා ඇතුළු මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *