27 April 2024
#දේශීය

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා පාසල් දරුවන්ගේ පෝෂණ හා සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක්

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ශ්‍රී ලංකාවේ පෝෂණය සම්බන්ධව ඉහළම විද්‍යාර්ථීන් සේවය කරන වයඹ විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා පෝෂණ සංගමය සමග පෝෂණය සම්බන්ධ ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (17) දින ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ දී සිදුවිය.

මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනයට අවශ්‍ය පෝෂණ අවශ්‍යතා, සෞඛ්‍යමත් අවශ්‍යතා සහ දෙපාර්ශ්වය මගින් එකඟවන්නා‌ වූ අනෙකුත් විද්‍යාත්මක අවශ්‍යතා සඳහා මානව හා භෞතික සම්පත් හුවමාරු කරගැනීමත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ශ්‍රී ලාංකික පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හඳුනාගැනීමට සහ අවශ්‍ය නිර්දේශ ලබාදීමට පර්යේෂණ සිදුකිරීමටත් බලාපොරොත්තු වේ.

මෙම අවස්ථාවට ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා සහ එම අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම මහතා ඇතුළු විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන් සහ ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *