27 April 2024
#දේශීය

මාතලේ සිමෙන්ති හිගයෙන් කෘෂිව්‍යාපෘති අතරමග නවති

පවතින සිමෙන්ති හිගය නිසා මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විවිධ ඉදිකිරිම් ප්‍රමාද වි ඇති බව 17දා පස්වරුවේ පැවති මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි අනාවරණය විය.

මා‍තලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි මෙම කමිටු රැස්විම පැවැත්විණි.

ලෝක ආහාර වැඩසටහන යටතේ සිදු කරන වගා ළිං ඉදිකිරිම,වාරි මාර්ග දෙපාර්තමෙන්තුව මගින් සිදු කරන වාර් ඉදිකිරිම් ඇතුලු සංවර්ධන ව්‍යාපෘති මෙසේ ප්‍රමාද වි ඇති බවද මෙහිදි අනාවරණය විය.

මෙහිදි දිසාපති කරුණාසිරි පෙරේරා මහතා කියා සිටියේ සිමෙන්ති හිගය පිළිබදව සොයා බැලිම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙනම නිලධාරියකු පත් කර ඇති බවත් සිමෙන්ති සමාගම්වල අලෙවි නියෝජිතයින් හා සම්බන්ධ‍වෙමින් රජයේ ඉදිකිරිම් සදහා අවශ්‍ය සිමෙන්ති ලබා ගැනිමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් මේ පිළිබදව සොයා බලන ලෙස ද මෙහිදි අදාළ නිලධාරින්ට දිසාපතිවරයා උපදෙස් දුන්නේය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *