• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බයනම් ගෙදර යන්න…. ලියුම්වලට මම අත්සන් කරන්නම් – ඇමැති අර්ජුන් කියයි

7 May 2019
in දේශීය

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ දුම්රිය ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන අයට නීතිය ක්‍රියාත්මක කිරීමේ ලිපි යැවීමට ඇතැම් නිලධාරීන් හිතාමතා ප්‍රමාද කරන බවයි.

එවැනි දේ කරන්නේ නම් එම ලිපි තමා වෙත ගෙනත් දෙන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරින්ට කියා සිටියේය.

මේ ඉඩම් කළමනාකරණය කිරීමෙන් ලැබෙන ආදායමෙන් මේ මුළු දුම්රිය දෙපාර්තමේන්තුවම පවත්වාගෙන යාමට හැකි බවත් එම ආදායම ලබා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් අංශයේ ඇතැම් ඉහළ නිලධාරීන්ට උවමනාවක් නොමැති බව අමාත්‍යවරයා අනාවරණ කළේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (07) බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” සමහර පුද්ගලයින් දුම්රියේ ඉඩම් අරගෙන පිටස්තර පුද්ගලයින් බදු දීලා ලොකු ආදායමක් ලබා ගන්නවා. දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම මංකොල්ල කනවා. අතරමැදියෝ සල්ලි උපයනවා. ඒක මාෆියාවක්. ඒ මාෆියාවට මේ නිලධාරීනුත් හවුල් බව මම දන්නවා. ඇතැම් ඉඩම් නිලධාරීන් සල්ලි එනවා කියන එකත් රහසක් නෙමෙයි. මේ ඉඩම් අංශයේ නිලධාරීන් වැටුපක් ගන්නවා නේද ? තමන් කන අදින දෙයට යුතුකම් ඉෂ්ඨ කරලා ආයතනය රැක ගන්න. අපි උත්සාහ කරන්නේ මේ ආයතන විකුණන්නේ නැතිව රැක ගන්න. ඒකට මේ හැමෝගෙම උදව් ඕන…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

Post Views: 13
Previous Post

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් සිද්ධීයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Next Post

උපරීම ආරක්ෂාව පාසල් සඳහා දෙනවා – අධ්‍යාපන ඇමැති

editor

editor

Next Post

උපරීම ආරක්ෂාව පාසල් සඳහා දෙනවා - අධ්‍යාපන ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved