• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරට කෘෂිකර්මාන්ත හා ජලජ සම්පත් කටයුතු සමානව ලබා දෙන බව ඇමැති දේවානන්දා පවසයි

27 August 2020
in සංවර්ධන

උතුරු පළාතේ කෘෂිකර්මාන්තයට සුදුසු ඉඩම් වල ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් නැවත වගා කිරීම හරහා කෘෂිකාර්මාන්ත අංශයේ හා ජල සම්පත් අංශයේ සමාන්තර ආකාරයෙන් වැඩ පිළිවෙලක් සකස් කර එම ඉඩම් ප්‍රයෝජනවත් ආකාරයට යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 23 වනදා යාපනයේ ඊ.පී.ඩී.පී. මුලස්ථාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක් වු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රතිපත්තියේ දක්වා ඇති ආකාරයට එවැනි වගා නොකල ඉඩම් කෘෂිකර්මාන්තය වෙනුවෙන් යොදාගෙන ඊට අවශ්‍ය සහනාධාර හා ණය ලබා දී නවීන තාක්ෂණය හරහා කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කොට ඒ තුලින් අධික අස්වැන්නක් ලබා ගැනීම මේ රජයේ අරමුණ බව පැහැදිලි කළේය.

ඒ හරහා වී ඇතුළු අතුරු භෝග වැඩි වශයෙන් වගාකොට ආනයනය නවත්වා ආහාර නිශ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීම මෙම රජයේ මුලික අරමුණ බවද, ඊලග අරමුණ අප නිශ්පාදනය කරන කෘෂිකාර්මික ද්‍රව්‍ය පිටරටට අපනයනය කිරීම බවද එතුමා තවදුරටත් ප්‍රකාශ කළේය.

උතුරු පළාතේ ඇති වැව් හා ජලාශ සංවර්ධනය කිරීම හරහා කෘෂිකර්ම හා ධීවර හා ජලජ සම්පත් අංශයද සමාන්තරව ජනතාවට යහපතක් වන ආකාරයෙන් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

Post Views: 11
Previous Post

ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ ප්‍රගති සමාලෝචනය රාජ්‍ය ඇමැති ඉන්දික ප්‍රධානත්වයෙන් පැවැත්වේ

Next Post

ඇමති ජොන්ස්ටන්ගෙන් ගුවන් පාලම් 03 ක්

editor

editor

Next Post

ඇමති ජොන්ස්ටන්ගෙන් ගුවන් පාලම් 03 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved