27 April 2024
#සංවර්ධන

මිහින්තලය ගොවි සංවිධානවලට තණකොළ කපන යන්ත්‍ර රාජ්‍ය ආමාත්‍ය දුමින්ද බෙදා දෙයි

කාබනික වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් අනුරාධපුර මිහින්තලය ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවි සංවිධාන වෙත තණ කොළ කපන යන්ත්‍ර බෙදා දීම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

වත්මන් ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශනයට අනුව කාබනික වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් වල් මර්ධනය කිරීම සදහා වල් නාශක කෘමිනාශක භාවිතය අවම කරවීම මෙහි අරමුණයි.

ගොවි සංවිධාන වෙත තණ කොළ කපන යන්ත්‍ර නොමිලේ ලබා දීම මෙහෙදී සිදු කෙරුණු අතර, ගොවි සංවිධාන වෙත ලබා දුන් මෙම තණ කොළ කපන යන්ත්‍ර ගොවි සංවිධානයේ සියලු ගොවීන්ට භාවිතයට ගත හැක.

ගොවි සංවිධාන වෙත ලබා දුන් තණ කොළ කපන යන්ත්‍රය සඳහා නඩත්තු පිරිවැයක් ලබා ගෙන පැය ගණනට හෝ ඉන්ධන ටැංකි ගණනට කුලියට ලබා දීම හෝ ගම්මානයේ රැකියා විරහිත තරුණයකුට අදාළ යන්ත්‍රය භාර දී ඔහුටද රැකියාවක් ලැබෙන ලෙස අදාළ තණ කොළ කපන යන්ත්‍රය කුලියට ලබා දී ගොවි සංවිධානයටද ආදායමක් ලැබෙන ලෙස එය භාවිතයට ගන්නා ලෙස ගොවි සංවිධාන නියෝජිතයන්ට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහිදී උදෙස් ලබා දුන්හ.

මීට අමතරව ප්‍රදේශයේ ගොවීන් වෙත මුරුංගා පැළ හා ගෙවතු වගා බීජ බෙදා දීමද එහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ගොවිජන සේවා කාර්යාල නිළධාරීන් ඇතුළු ගොවි ගෙවිලියන් සහභාගී වූහ.

 

තිසර සමල් – එප්පාවල

Leave a comment

Your email address will not be published. Required fields are marked *