27 April 2024
#දේශීය

බලගතු මූල්‍ය අගාධයට ශ්‍රී ලංකාදීපය ඇද වැටෙමින් තිබෙන බව මන්ත්‍රී පාඨලි කියයි

ඉතිහාසයේ ඉතාමත්ම බලගතු මූල්‍ය අගාධයට ශ්‍රී ලංකාදීපය ඇද වැටෙමින් තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ් මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රටේ දේශීය මූල්‍ය අර්බුදයත් ඉතා බරපතල ලෙස වර්ධනය වෙමින් තිබෙන බවයි.

ඉතාමත් නුදුරු කාලයක දී රට ගලවාගැනීමේ වැඩපිළිවෙල ජාතිය හමුවට ගෙන ඒමට තමන් බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා පැවසිය. 

මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය “කඩා වැටෙන්නේ, රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයි, කඩා වැටෙන්නේ මේ රට. ඒ කඩා වැටෙන්නේ අපේ ජනතාවගේ හිස් මතට. ගෑස් ටැංකි පුපුරලා සිවිලිං කඩා වැටෙනවා වගේ ජනතාවගේ හිස් මතට. මුළු ආර්ථිකයම ජනතාවගේ හිස් මතට කඩා වැටීමයි සිද්ධවෙන්නේ. ඒ නිසා එය ගලවා ගැනීමේ වගකීම අපට තියෙනවා. ඒ සඳහා එකතු වෙන්නෙයි කියලා සියලුම දේශමාමක දූෂණයට යටත් නොවිච්ච ආණ්ඩුවේ විරුද්ධ පක්ෂයේ දේශපාලකයින්ගේ විශේෂයෙන්ම රට කරවලා පළපුරුද්ද තියෙන නිලධාරීන් ඇතුළු සියලුම වගකිවයුතු වෘත්තීයවේදීන්ගෙන් අපි ආයාචනයක් කරනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *