අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම් සංජය සමරසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.
එමෙන්ම, සැකකරුගේ විදේශ ගමන් ද තහනම් කිරීමට අධිකරණය පියවර ගෙන තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
















