යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර නොමැති බව වනජීවී පශු වෛද්ය වෛද්ය චන්දන ජයසිංහ මහතා පවසයි.
මේ අතර, කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, එම මරණය සම්බන්ධයෙන් තමන් ඇතුළු පරිසර අමාත්යාංශයට දැඩි කම්පනයක් ඇති බවයි.
හස්තියාගේ ජීවිතය බේරාගැනීම සඳහා පශු වෛද්යවරුන් සහ අමාත්යාංශය මට්ටමින් ගත හැකි සියලු ක්රියාමාර්ග ගත් බව ද ඔහු පැවසීය.
වනඅලි සහ මිනිසුන් අතර ගැටුම අවම කිරීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නොමැති බවට එල්ල වන අදහස් වැරදි බවත් නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















