බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (5) අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. අභියාචනාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවකට අනුව ඔක්තෝබර් 3 වැනිදා උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව ඊයේ (4) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඥානසාර හිමියන් අද (5) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබූ අතර, අද අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අධිකරණය නියෝග කර තිබුණි.
මෙම අධිකරණ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉදිරි නියෝග සහ නඩු කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණ තීන්දු අනුව අනාවරණය වනු ඇත.














