27 April 2024
#දේශීය

පුපුරණ ද්‍රව්‍ය ‍භාවිතයෙන් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම නාවික හමුදාවෙන් මෙහෙයුම්

පසුගිය ජනවාරි මස 17 සහ 20 වන දින මන්නාරම සහ එරක්කන්ඩි ප්‍රදේශයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කිරීම සඳහා සූදානම් කර තිබූ වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණද්‍රව්‍ය කූරූ එකොලහක් (11) සමඟ තවත් පුපුරණද්‍රව්‍ය ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ධීවරයින් ඉතා සුළු පිරිසක් විසින් පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය මඟින් කොරල් පරිසර පද්ධතියට විශාල හානියක් සිදු වන අතර, එම පරිසරය ආශ්‍රිත මත්ස්‍යයන් බෝවීමද එමඟින් විනාශ වේ.

එබැවින්, පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීම, සාගරික පරිසර පද්ධතියට පමණක් නොව ඉදිරියේදී මත්ස්‍ය අස්වැන්න අඩු වීම කෙරෙහි ද විශාල බලපෑමක් ගෙන දෙනු ඇත.

මෙලෙස උතුරු මැද නාවික විධානය මගින් නාවික හමුදා භාරයට ගත් පුපුරණද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කළ අතර, නැගෙනහිර නාවික විධානය මඟින් නාවික හමුදා භාරයට ගත් පුපුරණද්‍රව්‍ය ඉදිරි පරික්‍ෂණ කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

තවද, පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.

 

 

Navy continues to thwart fishing practices conducted using explosives

Special operations conducted by the Navy in Mannar and Erakkandi on 17th and 20th January 2022 led to the seizure of 11 water gel sticks, a type of commercial explosive, and several other explosive items made ready to be used for illegal fishing.

Blast fishing, which is carried out by a handful of fishermen using explosives, causes great damage to the coral ecosystem and spawning grounds. Therefore, use of explosives for fishing will have a major impact not only on the marine ecosystem but also depletion of fish stocks.

Remaining alert to this matter, Sri Lanka Navy often conducts operations in coastal areas to prevent such illegal fishing practices performed by certain individuals. Accordingly, SLNS Vijayaba in the Eastern Naval Command managed to take hold of 09 water gel sticks hidden away in the Erakkandi beach area, during a special operation on 20th January.

In the same vein, SLNS Gajaba in the North Central Naval Command recovered 02 water gel sticks, 06 safety fuses and 03 non-electric detonators hidden in shrubs at Kothapiddi Beach, Mannar on 17th January. The explosive items had been set up for blast fishing, when the items were recovered.

The explosive items held by the North Central Naval Command were handed over to the Mannar Police for onward legal proceedings. Meanwhile the explosives recovered by the Eastern Naval Command have been kept in naval custody until they are produced for onward investigation.

Meanwhile, the Navy will continue to prevent this nature of illegal fishing practices taking into account their serious consequences on marine ecosystems and fishing industry.

Leave a comment

Your email address will not be published. Required fields are marked *