නුවරඑළිය – වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හග්ගල සීතා අම්මන් කෝවිල ඉදිරිපිට පිහිටි මාරුවීමේ තීරුව (සුදු ඉර) මතින් මාර්ගය හරහා ගමන් කළ තරුණයෙකු යට කර ත්‍රීරෝද රථයක් පලා ගොොස් තිබේ.
අදාළ කෝවිලේ ප්‍රධාන පූජකවරයාගේ පුත්‍රයා මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, වැලිමඩ සිට නුවරඑළිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඔහු මතින් රුදී අනතුර සිදු කිරීමෙන් පසු ත්‍රීරෝද රථයද සමඟ පලාගොස් ඇත. බරපතළ තුවාල ලැබූ තරුණයා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, සීසීටීවී (CCTV) දර්ශන ඔස්සේ සැකකාර රියදුරු සහ ත්‍රීරෝද රථය අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය පොලිස් රථවාහන අංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.














