• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සිය ධූරයේ රාජකාරී කටයුතු අරඹයි

29 October 2020
in දේශීය

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (29) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කලේය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමෙන් පසු මෙලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් විය.

සිය ධූරයේ රාජකාරී කටයුතු ඇරඹීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා – “කොවිඩ් -19 වසංගත තත්ත්වයක් මේ වනවිට ලොව පුරා තිබෙනවා. අප රටෙන් ද නව පොකුරු වාර්තා වුනා. සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදා එක්ව එම තත්ත්වය පාලනය සදහා කටයුතු කරනවා. සමහර ප්‍රදේශවල නිරෝධායන ඇදිරිනීති සහ සංචරණ සීමා පනවා තිබෙනවා. ජනතාව ප්‍රධාන මාර්ග වල සංචරණය සීමා කළත් අතුරු මාර්ගවල සංචරණ සිදුවන බව වාර්තා වනවා. ජනතාව ලබාදෙන සහයෝගය මත ඉක්මණින් මෙම තත්ත්වය පාලනය කළ හැකියි. මෙම කටයුතු සදහා ජනතාවගේ සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එක්විය. මහා සංඝරත්නය, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරින් රැසක් එක්ව සිටියේය.

 

 

Post Views: 26
Previous Post

කොරෝනා ආසාදිතයින් 5731 දක්වා ඉහලට

Next Post

කොවිඩ් තොරතුරු රැස් කරන නව “යෙදුම” (APP)ජනපතිට හඳුන්වා දෙයි

editor

editor

Next Post

කොවිඩ් තොරතුරු රැස් කරන නව “යෙදුම” (APP)ජනපතිට හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved