8 May 2024

බඹරකිරි ඇල්ල ප්‍රදේශයේ පරිසර හානියක්

මාතලේ රත්තොට රිවස්ටන් මාර්ගයේ සුන්දර බඹරකිරිඇල්ල නැරඹිමට යන සංචාරකයින්ගේ නොසැලකිල්ල නිසා මේ වන විට බඹරකිරි ඇල්ල ප්‍රදේශයේ පරිසර හානියක් සිදුවන බව ප්‍රදේශවාසිහු පවසයි.

රනිලුත් පක්ෂයත් ලෝක වාර්තා තැබු බව මන්ත්‍රී වජිර කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ ලෝක වාර්තාවක් තියපු නායකයෙක් බවත් මේ පක්ෂයත් ලෝක වාර්තාවක් තියපු දේශපාලන පක්ෂයක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

දකුණුට වයඹට ආණ්ඩුකාරවරු පත් කෙරේ

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා අද (02) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

උත්තර ලංකා සභාගයට අයත් දේශපාලන පක්ෂ මැයි රැලිය” කිරුළපන දී පැවැත්විණ

උත්තර ලංකා සභාගයට අයත් දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල ද ඉහත පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිතිවල ද සහභාගිත්වයෙන් “77න් ඇරඹි පරාධීන ආර්ථික ගමනට එරෙහි එක්සත් මැයි රැලිය” ඊයේ (01) සවස කිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එජාපය වළ දැමීමට ඇතැමුන් සූදානම් වුවත් වළ දැමීමට ගිය ආර්ථිකයට නැවත පණ දුන්නා – ජනපති

එක්සත් ජාතික පක්ෂය අවසන් බව පවසමින්, එය වළදැමීමට ඇතැමුන් සූදානම් වුවත් වළදැමීමට ගිය ආර්ථිකයට නැවත පණ දීමට එක්සත් ජාතික පක්ෂයට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිර්ව්‍යාජ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කරන්න සුදානම් – දිලිත් ජයවීර

රටේ ශ්‍රම බලකාය වෙනුවෙන් නිර්ව්‍යාජ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කරන්න සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මෙම මැයි රැළිය තීරණාත්මක බව හිටපු ජනපති මහින්ද කියයි

දෙස් විදෙස් සංවිධානය වලින් බොරු චෝදනා කරලා තමා ඇතුළු පිරිස බලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් මෙම මැයි රැළිය තීරණාත්මක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අපි වචනයේ පරිසමාප්ත අර්ථයේම අංක එක බව විපක්ෂනායක සජිත් කියයි

අධ්‍යාපනයෙන් හා සෞඛ්‍ය අංශයේ මෙරට ජනතාවගේ අවශ්‍යතා සපුරන බලයක් නොමැති විපක්ෂයක් වශයෙන් තම පක්ෂය වචනයේ පරිසමාප්ත අර්ථයේම අංක එක බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වතු ජනතාවගේ ගැටළු මා කිසිවිටෙකත් අමතක කර නැහැ – ජනපති

වතුකරයේ ජනතාවගේ ගැටළු තමා කිසිවිටෙකත් අමතක කර නොමැති බවත්, ජනාධිපතිවරයා ලෙස තමා යටතේ ඉදිරියේදී ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන බවත් වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නීති විරෝධී මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1229 ක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව, කල්පිටිය මො‍හොත්තුවාරම් ප්‍රදේශයේ පසුගිය අප්‍රේල් මස 30 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 1229 ක තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙ‍රිණි.