මේ වසරේ මුල් මාස අට තුළ රජයේ මුළු වියදම් සහ ශුද්ධ ණය දීම් සියයට 6.9කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3,966.9ක් දක්වා වැඩි වී තිබේ. 2025 වසරේ එම කාලය තුළ එය රුපියල් බිලියන 3,712.5ක් ලෙස වාර්තා වී තිබුණි.
මේ අතර, 2026 වසරේ මුල් මාස අට තුළ රජයේ ආදායම් සහ ප්‍රදාන සියයට 21.2කින් ඉහළ ගොස් රුපියල් බිලියන 4,002.3ක් දක්වා වැඩි වී තිබේ. පසුගිය වසරේ එම කාලය තුළ ආදායම් සහ ප්‍රදාන රුපියල් බිලියන 3,301.5ක් ලෙස වාර්තා වී තිබුණි.
මෙම දත්ත අනුව වසරේ මුල් මාස අට තුළ රජයේ ආදායම් සහ ප්‍රදාන, මුළු වියදම් සහ ශුද්ධ ණය දීම් ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව පෙනී යයි. මෙම දත්ත මහ බැංකුවේ නවතම මූල්‍ය අංශ තොරතුරු මත පදනම් වේ.














