27 April 2024
#දේශීය

පාඨලී චම්පික ජාතික හෙළ උරුමයෙන් ඉවත්වෙයි

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද(12) ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් විය.

ශ්‍රී ලංකා පදනම් ආයතයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදී පාඨලි මන්ත්‍රීවරයා කියා සිටියේ අද රටට නව සමාජ බලවේගයක අවශ්‍යතාවයක් මතුව තිබෙන බවයි.

එම නව සමාජ බලවේගය ගොඩනැනීම වෙනුවෙන් අද අප ජාතික හෙළ උරුමයේ පක්ෂ සමාජිකත්වයෙන් හා තනතුරු වලින් ඉවත් වීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මන්ත්‍රීවරයා කියා සිටියේ එම නිර්මාණය කරනු ලබන බලවේගය එක් පුද්ගලයෙකු හෝ පවුලක් වටා බලය ගොනු වූ අලුත් පක්ෂයක් නොවන බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *