ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට පාකිස්තානය සමඟ පැවැත්වෙන ඉදිරි T20 තරගාවලියට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා.
ඔහුගේ මාංශපේශියේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි වාර්තා වන්නේ.
එංගලන්තය සමඟ පසුගියදා පැවති එක්දින තරගාවලියටද සුළු ආබාධයක් සහිතව පැතුම් නිශ්ශංක ක්‍රීඩා කර ඇති අතර, තෙවැනි තරගයේදී ඔහු යම් අපහසුතාවයකින් ක්‍රීඩා කළ බව සඳහන්.
ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 4 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතයි.
ඉන් අනතුරුව ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය එක්වන තුන්කොන් එක්දින තරගාවලියට පෙර පැතුම් නිශ්ශංක සුවය ලබාගැනීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්ෂා කරනවා.
















