• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිරි නිෂ්පාදන වෙනුවෙන් රජය ගෙනා අයවැය යෝජනා පැල්වත්ත සමාගම අගයයි

15 December 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත සමාගම 2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවන් හි දේශීය කිරි කර්මාන්තය ඇතුළු දේශීය ආහාර නිෂ්පාදනය හා නගා සිටුවීම වෙනුවෙන් කර ඇති යෝජනාවන් පිළිබඳ සිය ප්‍රසාදය පල කර සිටි.

ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන්ගේ ආර්ථික අභිවෘද්ධිය සහ මහජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් පැල්වත්ත සමාගම ඉටු කරනු ලබන මෙහෙවරට මෙමගින් තවදුරටත් සහය හිමි වනු ඇති බවට සමාගම විශ්වාසය පල කරයි.

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ තිරසාර වර්ධනය සඳහා පැල්වත්ත සමාගම දැඩි කැපවීමකින් කටයුතු කරන අතර ගොවීන් සහ ඔවුන්ගේ පවුල් සවිබල ගැන්වීම හරහා මෙම වර්ධනය වේගවත් කිරීමට උත්සාහ කරමින් සිටි. ආරම්භයේ සිටම සමාගමේ අවසාන ඉලක්කය බවට පත්වී ඇත්තේ රට කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීමය. රජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙම ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. එමගින් පැල්වත්ත සිය නිෂ්පාදනයන් හී පෝෂ්‍ය ගුණයට දීපව්‍යාප්තව තව තවත් වටිනාකම් එක් කරමින් ජිවිත අභිවෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය ගොඩ නැංවීමට අපේක්ෂා කරයි.

 

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2021 අයවැය සාර්ව ආර්ථික දැක්මක් යටතේ අංශ කිහිපයක් ආවරණය කරනු ලබයි. එහිදී දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාවට ඇති අවස්ථාවන් පුළුල් ලෙස වර්ධනය කර ඇති බව දැකිය හැකිය. ඒ අනුව ගෝලීය ආර්ථිකයේ තරඟකාරී පසුබිම තුළ සැරිසැරීමට මෙම විශේෂ ආයෝජන ක්‍රම මගින් විශාල උපකාරයක් වේ.

 

පැල්වත්ත සමාගම ජනතාවගේ ජිවිත ඉහළට ඔසවා තැබිය හැකි තිරසාර උපාය මාර්ග අගය කරන සමාගමකි. තවද කිරි ආශිත සංවර්ධනය ග්‍රාමීය ආර්ථිකයේ ඉතා වැදගත් ස්ථානයක් මෙන්ම රැකියා සහ අදායම උත්පාදනය කෙරෙන සුවිශේෂී මාර්ගයක් ලෙසද හඳුනාගෙන ඇත. කිරි ගොවීන් සඳහා අවම පොලියක් සහිත විශේෂ ණය යෝජනා ක්‍රම මඟින් ඔවුන්ගේ පවුල් වලට කිරි ගවයින් මිලදී ගැනීමටත්, පරිසර හිතකාමී ගව මඩු පිහිටුවීමටත්, තිරසාර කිරි ගොවිපලවල් සහ නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමටත් මෙහිදී හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. දිනකට ලීටර් 22ක පමණ කිරි අස්වැන්නක් ලබා ගත හැකි කිරි ගවයින් ආනයනය කිරීම ද මෙම යෝජනා අතර වේ. පෝෂ්‍යදායී තණබිම් ස්ථාපිත කිරීම සඳහා සහන ලබා දීම මගින් මෙය තවදුරටත් ශක්තිමත් වනු ඇත. එසේම මෙය පැල්වත්ත සමාගමට තම කිරි ගොවී ජාලය වර්ධනය කිරීම සඳහා කෙරෙන සැලසුම් වලටද සහයක් වේ.

 

මෙම ක්‍රියාදාමය සඳහා පොදු දේපළ සහ මුල්‍ය ප්‍රතිපත්තීන්ගේ සහය හිමිවනු ඇති බවට පැල්වත්ත සමාගම විශ්වාසය පල කරයි. මෙම අයවැය යෝජනාවන්ට කෘෂිකාර්මික හා කිරි කර්මාන්ත සංවර්ධනය උදෙසා විශේෂයෙන් උපකාරී වන බදු සහන සහ ප්‍රතිලාභ කිහිපයක් ඇතුළත් කර තිබේ. විශේෂයෙන් මෙම පසුබිම තුළ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කිරි ඇතුළු අනෙකුත් කර්මාන්ත කිහිපයකට ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් උපායමාර්ගික සංවර්ධන පනත ක්‍රියාත්මක කිරීමට නියමිතය. එය ක්‍රියාත්මක වන්නේ අපනයන සඳහා කිරි නිෂ්පාදන නිෂ්පාදනය කරනු ලබන සමාගම් සඳහා ලබා දෙන විශේෂ බදු සහනවලට අමතරව වන අතර නවීන තාක්‍ෂණය ක්‍රියාවට නැංවීම සහ කිරි නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා ද මෙය උපයෝගී කර ගනු ඇත.

පැල්වත්ත සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා ගෘහස්ථ කිරි නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිදියුණු කිරීම සඳහා අයවැයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කෙළේය. “සමාගමක් ලෙස අපගේ වටිනාකම් දාමයේ වඩාත්ම වැදගත්ම ස්ථානයක් ගොවීන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා හිමිවෙනවා. ඒ අනුව දේශීය කිරි ඉල්ලුම සපුරාලීම සඳහා දේශීය කිරි කර්මාන්තය නංවාලීමටත්, දේශීය කිරි ගොවීන්ගේ සමාජ ආර්ථික පසුබිම නංවාලීමටත් පැල්වත්ත සමාගම දැනටමත් කැපවී කටයුතු කරමින් සිටිනවා. ඒ සදහා මෙම යෝජනාවන් වඩාත් උපකාරී වේවි”

 

2018 වන විට ගෘහස්ථ කිරි නිෂ්පාදනය දියර කිරි අවශ්‍යතාවයෙන් 40% ක් සඳහා ප්‍රමාණවත් වනු ඇති බවට සත්ව ආරක්ෂණ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (DAPH) ඇස්තමේන්තු කර තිබිණි. දේශීය කිරි කර්මාන්තයේ දියුණුව මගින් ආහාර සුරක්‍ෂිතතාවය, ප්‍රමාණවත් කිරි නිෂ්පාදනය, ග්‍රාමීය දරිද්‍රතාවය අවම කිරීම සහ පෝෂණ ඌණතාවය පදනම් කරගත් රෝග නිවාරණය කිරීමට අවස්ථාව උදාවනු ඇත.

 

පැල්වත්ත සමාගම ගුණාත්මකභාවය, රසය සහ සෞඛ්‍යයසම්පන්නභාවය යන සිය නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුුකූලව යමින් නිරන්තරයෙන්ම ගෝලීය වශයෙන් පිළිගත හැකි ප්‍රමිතීන්ට අනුව ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන ජනතාව වෙත ලබා දීමට කැපවී සිටී. පැල්වත්ත කිරි ගොවින්ගෙන් එකතු කිරීමේ සිට සැකසීම සහ වෙළඳ පොළට පැමිණීම දක්වා ගතවන්නේ පැය 72ක් වැනි අවම කාලයකි. එමනිසා පැල්වත්ත කිරි නිෂ්පාදන වල නැවුම්බව, පෝෂණය, සහ පෝෂ්‍ය සංඝටක වල සුරක්ෂිත­භාවය පිළිබඳව නැවත නැවතත් සහතික විය හැකිය.

සටහන – PR Consultant, Communiqe PR.

 

Post Views: 2
Previous Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිධූරය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට

Next Post

වැඩිහිටි නිවාසයේ ඇති වු ආරවුලකින් අයෙකු මරුට

editor

editor

Next Post

වැඩිහිටි නිවාසයේ ඇති වු ආරවුලකින් අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved