27 April 2024
#දේශීය

උකුවෙල ඇවිදින මංතිරු ගැන සභාවේ උණුසුම් තත්වයක්

උකුවෙල නගරයේ සහ උකුවෙල එස්.බි යාලේගම ක්‍රිඩාංගණයේදි ඉදිකරණ ඇවිදින මංතිරු පිළිබදව ඉකුත් දා පැවති උකුවෙල ප්‍රාදේශිය සභා මාසික රැස්විමේදි මන්ත්‍රිවරුන් අතර දැඩි කතාබහකට ලක් විය.

වැඩබලන සභාපති(එ.ජා.ප) අබ්දුල් නිසාර් මහතාගේ ප්‍රධානත්වයෙන් උකුවෙල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදි මාසික රැස්විම පැවැත්විණි.

අදහස් දැක්වු විපක්ෂ නායක (ශ්‍රි ලං.පො.පෙ)සමන්ත ධර්මසේන මහතා කියා සිටියේ “කන්න නැතිව ඉන්න බල්ලන්ට හැට්ට මහනවා”වගේ වැඩක් මේ කරන්නේ.රටේ මේ වෙලාවේ දැඩි මුල්‍ය අර්බුධයක් පවතින තත්වයක් තියෙන්නේ.මේ තත්වය තේරුම් අන් අපි වැඩ කළ යුතුයි.රටේ විවිධ තැන්වලත් වැඩකට නැති මංතිරු හදන වැඩපිළිවෙලක් ගියා. නමුත් උකුවෙල නගරයේ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඇවිදින මංතිරුවක් හදනවා.සභාව මගින් ක්‍රිඩාංගණයේද ඇවිදන මංතිරුවක් සකස් කරනවා.සියලු දෙනාගේ අදහස් අරන් මේවා සිදු කළ යුතුයි.අපිට මුදල් ඉතිරි කරගන්න පුළුවන්.යැයිද ධර්මසේන මහතා පැවසිය.

අදහස් දැක්වු මන්ත්‍රි (ශ්‍රි ලං.පො.පෙ)චුලාභය පුරිජ්ජල මහතා කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් සහ සභාව මගින් උකුවෙල ප්‍රදේශයේ ඉදිකරන ඇවිදින මංතිරු දෙකක් තැනිම ප්‍රායෝගික නැහැ.සභාව මගින් ඉදිකරන මංතිරුව සදහා රුපියල් ලක්ෂ 35ක් වැයවෙනවා.මේ වෙලාවේ මෙවැනි මුදල් අනුමත කිරිම සිදු නොකළ යුතුයි.අපරාධයක් මේ කරන වැඩේ .ඒ නිසා මේ මුදල් වලින් වෙනත් කටයුත්තක් සිදු කළ හැකියි.

අදහස් දැක්වු මන්ත්‍රි (එ.ජා.ප) අයි.එම් පාරිස් මහතා කියා සිටියේ මහ සභාවට යොමු නොකර ෆයිල් අස්සේ යෝජනා දාලා අනුමත කරලා තියෙන්නේ.මංතිරු දෙකක් හදන එක අනුමත කළ නොහැකියි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *