ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව ඇතිල දැනට කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමන ලද පාසල් විභාග ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ මතල අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පහත දිනවල දී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2021 පැවැත්වීමේ යෝජිත දිනය 2022 ජනවාරි 22 සෙනසුරාදා දින වේ .
අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2021 පැවැත්වීමේ යෝජිත දිනය 2022 පෙබරවාරි 07 සඳුදා දින සිට 2022 මාර්තු 05 සෙනසුරාදා දින දක්වා
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය 2021 පැවැත්වීමේ යෝජිත දිනය 2022 මැයි 23 සඳුදා දින සිට 2022 ජූනි 01 බදාදා දින දක්වා
පාසල් විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් වූ කාලයක් අධ්‍යයන කටයුතු සදහා ලබාදීම එසේම, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහා ද විභාග සංවිධානය කිරීමට ප්‍රමාණවත් වූ කාලයක් ලබාදීම යන කරුණු සියල්ලම සලකා බලා විභාග දින තීරණය විය.














