• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති ගත්තේ අමාරු තීන්දුවක් – ඇමැති විමල් කියයි

3 February 2021
in දේශීය

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රටට ආදායමක් පමණක් ලබා දෙන දෙයක් නොවන අතර එය රටේ ආරක්ෂා වෙනුවෙන් තිබෙන දෙයක් බව වීරවංශ මහතා පැවසිය.

එහි පාලනය වරාය අධිකාරියට ලබා දීමට රජය ගනු ලැබු අසිරු තීන්දුවට ස්තුතිය පල කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ අදහස් පල කර සිටියේ අද (03) පෙරවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දිය රජයෙන් සිදු කරන ඇතැම් බලපෑම් හමුවේ පවා ජනාධිපතිවරයා විසින් ගනු ලැබුවේ එඩිතර තීන්දුවක් බවයි.

එහිදී වැඩිදුරටත් වීරවංශ මහතා මෙසේ අදහස් පල කර සිටියේය “එවැනි තත්වයක් යටතේ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුව බිහි වන්නේ. ඉහත ගිවිසුම් මගින් පැවැති ආණ්ඩුව යම් බැඳීමක් ඇති කර තිබූ නිසා තමයි නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් යම්කිසි විවාදාත්මක වාතාවරණයක් හැදුණේ. නමුත් අවසානයේ අපේ ආණ්ඩුව තීරණාත්මක නිවැරදි තීන්දුවක් ගනු ලැබුවා, කොළඹ වරායේ තිබෙන ඉතාමත් වැදගත් සහ සුවිශේෂී ලෙස ආදායම් නිපදවිය හැකි නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් එය සංවර්ධනය කොට පවත්වාගෙන යාමට. මෙය ඉතා වැදගත් තීන්දුවක්. මෙවැනි තීන්දුවක් ගැනීම පහසු නැහැ. මෙම තීන්දුව ගත් පසු ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය දක්වා ඇති ප්‍රතිචාර අනුව පෙනෙන්නේ ඔවුන් මෙම තත්ත්වය කැමැත්තෙන් පිළිගන්නා බවක් නොවේ. ඒ කෙසේ වෙතත් රටේ අභිවෘද්ධිය ගැන ජනාධිපතිතුමන් මේ අසීරු සහ අභියෝගාත්මක තීරණය අරගෙන තිබෙනවා. ඒ පිළිබඳව අපි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් විදියට ජනාධිපතිතුමන්ට අපගේ කෘතවේදීත්වය සහ ගෞරවය පළ කර සිටිනවා.

සමහරු කියනවා භූ දේශපාලන යථාර්ථය දන්නවානම් ඉන්දියාවට නැගෙනහිර පර්යන්තය දිය යුතුයි කියා. භූ දේශපාලන යථාර්ථයක් තිබෙන බව ඇත්ත. ඉන්දියානු සාගර කලාපයේ බලය පිළිබඳ ප්‍රශ්නයේදී ඉන්දියාව ඇමරිකාව සමග එකට සිටිමින්, චීනය වෙනම සිටිමින් තම තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා විශාල මෙහෙයුම්වල නිරත වන බව අපි දන්නවා. ඒ නිසා ඒ කවර පාර්ශ්වයකවත් ගොදුරක් නොවී සිටීමට අපට රටක් ලෙස හැකි විය යුතුයි. එම බල කේන්ද්‍ර දෙකෙහි කවර පාර්ශ්වයක හෝ කොටස්කරුවෙකු නොවුණහොත් තමයි අපට නොබැඳි පිළිවෙතින් රටක් ලෙස ඉදිරි ගමනක් යා හැක්කේ. මේ සියල්ල ගැන සිතා තමයි අපේ රට ගැන, රාජ්‍ය නායකයන් තීන්දු ගත යුතුව ඇත්තේ.

‘ අපි දේශපාලන වහලුන් නොවෙයි’

මෙම තීන්දුව ගැනීමට ප්‍රථම අපි ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක් ලෙස මෙම ගැටලුව පිළිබඳ අපේ ස්ථාවරය පවසනු ලැබුවා. එම ස්ථාවරයට අනුකූලව නිවැරැදිම තීන්දුව ගෙන ඇති මේ මොහොතේ ඒ පිළිබඳව අපේ ප්‍රතිචාරය හා ප්‍රණාමය පුද කරන්න අපට වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කරමින් තමයි මෙලෙස මාධ්‍ය හමුවක් කැඳවූයේ. ආණ්ඩුව තුළ සිටිමින් අපට දේශපාලන පක්ෂ නායකයන් ලෙස ඉටු කළ යුතු භූමිකාවක් තිබෙනවා. කවුරුත් සිතිය යුතු නැහැ අපි කවර පාර්ශ්වයක හෝ දේශපාලන වහලුන් කියා. අපේ මේ හැම පක්ෂයකටම ස්වාධීනත්වයක් සහ අනන්‍යතාවක් තිබෙනවා. අපි 69 ලක්ෂයේ ජනවරම ආරක්ෂා කිරීමට කැප වන දේශපාලන පක්ෂයි. එය තමයි අපේ පක්ෂවල ප්‍රමුඛතාව. ඒ හැර වෙන කිසිම දෙයකට අපි ප්‍රමුඛතාව දෙන්නේ නැහැ.

‘ පක්ෂ දහයෙහි ස්ථාවරය’

මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධුරයට පත් කිරීමෙන්, පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දීමෙන් ආණ්ඩුව පිළිබඳ තබා ඇති බලවත් අපේක්ෂාවන් ඉෂ්ට කිරීමට ජනාධිපතිතුමන්ට යම් බාධාවක් තිබෙනවා නම් ඒවා ඉවත් කර දීමට අපි සූදානම්. ජන වරමට එරෙහි වන ආණ්ඩුව තුළ හෝ පිටත සිටින කිසිදු පාර්ශ්වයක් සමග ගැටීමට අපි බිය විය යුතු නැහැ. මෙම පක්ෂ දහයේ ස්ථාවරය එයයි.

අපි වගකියන්නේ අන් කවරකටත් වඩා ලැබී ඇති ජනවරමටයි. මේ රටේ පොදු ජනතාව මහා අපේක්ෂාවන් දල්වා ගෙන කවර අවස්ථාවකදීවත් නොකළ ආකාරයට මේ ආණ්ඩුවට 2/3 ක බලයක් ලබාදී තිබෙනවා. මේ ආණ්ඩුව ගැන එතරම් විශ්වාසයක් තැබූ ජනතාවකගේ අරමුණු හා පරමාර්ථ නළලේ මුදුනේ තබාගෙන යන මාර්ගයකයි අපි ගමන් කරන්නේ. ඒ මහජන අපේක්ෂාවන් හා පරමාර්ථයන් යථාර්ථයක් බවට පත් කිරීමට අපි සියලුදෙනා කැප වන බවට සපථ කරනවා. නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයේදී මැදිහත් වූ ආකාරයටම 69 ලක්ෂයේ ජනවරමේ පූජනීයභාවය රැක දීමට අපි ඇප කැප වන බව ද අවධාරණය කරනවා.”

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂය ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග යන පිරිස මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

විදෙස් සබඳතාවලදී ගමේ චණ්ඩිවගේ හැසිරෙන්න බෑ – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

Next Post

73 වන ජාතික නිදහස් දිනය අදයි

editor

editor

Next Post

73 වන ජාතික නිදහස් දිනය අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved