• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කළුතර,බෝසත් මාපිය සෙවණ, ජනපති අතින් විවෘත කෙරේ

8 August 2018
in සංවර්ධන

සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කළ දෙමාපියන්ට රැකවරණය සැලසීම සඳහා කළුතර, ඈතගම ඉදිකෙරුණු ,බෝසත් මාපිය සෙවණ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ විවෘත කෙරිණි.

පයාගල, මලේගොඩ ශ‍්‍රී පුෂ්පාරාම විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරලයේ ප‍්‍රධාන සංඝනායක, පූජ්‍ය මලේගොඩ නන්ද හිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

අක්කර දෙක හමාරක භූමියක ඉදිකර තිබෙන මෙම මධ්‍යස්ථානයේ 50 දෙනෙකුට පමණ රැකවරණය ලබාදිය හැකිය.

සමරු ඵලකය නිරාවරණය කර ,බෝසත් මාපිය සෙවණ, මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාවේදී මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ධන පරිත්‍යාගය සිදුකළ ඥානා ද සිල්වා මහත්මිය වෙත උපහාර තිළිණයක් පිළිගැන්විම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. තිළිණය පිළිගනු ලැබුවේ එම මහත්මියගේ පුතු විසිනි.

කෝට්ටේ ශ‍්‍රී කල්‍යානි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහ නායක, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, රවී කරුණානායක, කළුතර දිස්ති‍්‍රක් ලේකම් යූ.ජී.සී. ජයලාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 17
Previous Post

යහපාලනය ගැන මටත් අයිතියක් තියෙනවා – ඇමැති දුමින්ද

Next Post

වෛද්‍ය සංගමයට මානසික රෝගයක් – ඇමැති රාජිත

editor

editor

Next Post

වෛද්‍ය සංගමයට මානසික රෝගයක් - ඇමැති රාජිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved