• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුවේ ඊලග පියවර ගැන අගමැති හෙළි කරයි

16 September 2018
in දේශීය

තම ආණ්ඩුවේ මීළඟ පියවර වන්නේ රටේ කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කරමින් විදේශ විනිමය වැඩි කර රටේ ණය බර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පෙරවරුවේ මාතලේ, එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවැති සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද ගෙවුණු වසර තුන තුළ ජනතාවට සහන ලබාදෙමින් රට ඉදිරියට ගෙන යාමට හැකි වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, තම ආණ්ඩුවේ මීළඟ පියවර වන්නේ රටේ කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කරමින් විදේශ විනිමය වැඩි කර රටේ ණය බර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීම බව පැවසීය.

1995 වසරේ දී එවකට පැවැති ආණ්ඩුවට සමෘද්ධි සහනාධාරය ලබාදීමට හැකි වූයේ 1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ශක්තිමත් ආර්ථිකයක් බාර දුන් නිසා බව වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේ අදහස් පල කළේය “ ගත වූ වසර 3 තුළ ෂධ මිල අඩු කළා. හෘද රෝගින් සඳහා නොමිලයේ ස්ටෙන්ට් ලබාදුන්නා. ‘‘ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ පාසල් දියුණු කළා. පාසල් සිසු දරු දැරියන් වෙනුවෙන් සුරක්‍ෂා රක්‍ෂණාවරණ ක්‍රමයක් ඇති කළා. ගැබිණි මාතාවන්ට රුපියල් 20,000 ක පෝෂණ මල්ලක් ලබා දුන්නා. සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කළා. මේ ආකාරයට අප ලබාදුන් සහන සහ ඇති කළ සංවර්ධන වැඩසටහන් ගැන පැය ගණනාවක් කතා කළ හැකියි. මේ දුෂ්කර කාලය ගෙවා දමමින්, අපේ ඊළඟ අරමුණ වන්නේ කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කරමින් විදේශ විනිමය වැඩි කර, ලබාගෙන තිබෙන ණය අනාගත පරපුරට ගෙවීමට ඉඩ නොතබා, එය සම්පූර්ණයෙන්ම ගෙවා දමා රටේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල යන මහත්වරු ඇතුලූ රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

 

Post Views: 8
Previous Post

ගෝඨා ජනපති අපේක්ෂකයා කරනවා කිව්වේ නෑ – මහින්ද කියයි

Next Post

උප්පැන්න , විවාහ සහ මරණ සහතිකය විනාඩි පහෙන්

editor

editor

Next Post

උප්පැන්න , විවාහ සහ මරණ සහතිකය විනාඩි පහෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved