අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතාගේ දේහය අද (02) පස්වරුවේ බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනවිත් එහි තැන්පත් කෙරෙනු ඇති අතර, කලක් රෝගාතුරව සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබුණි. මියයන විට ඒ මහතා 64 වන වියේ පසුවිය.
ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ජේ.ඒ මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයකු වන ප්‍රියංකර පෙරේරා මහතා, ජනප්‍රිය ගීත රැසක් ගැයූ කලාකරුවෙකු වන අතරම චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පියෙකි.














