22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සියලු දෙනා එක් කරමින් පොදු ජාතික ව්‍යාපාරයක් ලෙස රජයට එරෙහිව ප්‍රබල ව්‍යාපාරයක් ගොඩනැගීමට තමන් බලාපොරොත්තු වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි. අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, සමගි ජන බලවේගය විසින් එම උද්ඝෝෂණය තනිව සිදු කළ යුතු බවට තීරණය කිරීම හේතුවෙන් පොදු විපක්ෂය, සිවිල් සංවිධාන සහ බහුජන සංවිධානවලට එයට එකතු වීමට තිබූ කදිම අවස්ථාව මගහැී ගිය බවයි.
ජනතාව අද වන විට පක්ෂ පාට පදනමින් කතා නොකරන බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා, වත්මන් රජයේ මර්දනය සහ දැඩි ආර්ථික පීඩනය නිසා ජනතාව ඉතාම අමාරු තත්ත්වයකට මුහුණ දී සිටින බව කියා සිටියේය. එබැවින් ජනතාව වෙනුවෙන් ඉදිරියේදීත් පොදු ව්‍යාපාරයක් ගොඩනැගීමට උත්සාහ කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















