හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව අද (30) යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී, සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා පෞද්ගලික සංචාරයක් ලෙස ලන්ඩනයට ගිය අවස්ථාවේදී රජයට රුපියල් මිලියන 15කට අධික පාඩුවක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කර ඇති අතර, අදාළ නඩු කටයුතු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරියට පවත්වාගෙන යාමට නියමිතයි.
















