බ්‍රිතාන්‍යයේ රෝල්ස් රොයිස් (Rolls-Royce SMR) සමාගම සහ චෙක් ජනරජයේ රජයට අයත් CEZ බලශක්ති සමාගම, එරට ප්‍රථම කුඩා පරිමාණ මොඩියුලර් න්‍යෂ්ටික ප්‍රතික්‍රියකය (Small Modular Reactor – SMR) ඉදිකිරීමේ මූලික අදියරේ කටයුතු සඳහා අද (24) නිල වශයෙන් ගිවිසුම්ගත විය.
චෙක් ජනරජයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි ‘ටෙමෙලින්’ (Temelin) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රය තුළ මෙම නව ප්‍රතික්‍රියකය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. මීට පෙර මෙම ව්‍යාපෘතිය 2030 දශකයේ මැද භාගයේදී අවසන් කිරීමට අපේක්ෂා කළද, වර්තමාන සැලසුම් අනුව එහි ඉදිකිරීම් 2030 දශකයේ දෙවන භාගය දක්වා කල් යනු ඇති බව CEZ සමාගම සඳහන් කරයි.
ගෝලීය වශයෙන් පවතින බලශක්ති අර්බුදය සහ මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ තෙල් මිල ඉහළ යාම මත, මෙවැනි විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යුරෝපීය රටවල අවධානය වැඩි වී තිබේ. මෙම ව්‍යාපෘතිය චෙක් ජනරජයේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට මෙන්ම කාබන් විමෝචනය අවම කිරීමට ද ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














