27 April 2024
#දේශීය

දිවයින පුරා සමෘද්ධි සුව බොජුන් හල් ආරම්භ කෙරේ

ජනතාවට සෞඛ්‍ය සම්පන්න නිසි පෝෂණයෙන් යුත් පිසූ ආහාර අලෙවි කිරීමේ අරමුණින් දිවයින පුරා සමෘද්ධි සුව බොජුන් හල් ආරම්භ කිරීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවති.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඉබ්බන්කටුව ප්‍රදේශයේ නව හෙළ බොජුන් හල විවෘත කිරීම රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බංඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එම අවස්ථාවට සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බංඩාර තෙන්නකෝන් ,ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.පී.ආර් ජයතිලක .ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කසුන් ආරියරත්න ,සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම් රත්නායක ,අලෙවි ප්‍රවර්ධන අධ්‍යක්ශක එම්.ජී.එස්.එස් කිත්සිරි , දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂිකා එම්.රියාල්දින් , සමෘද්ධි සහකාර අධ්‍යක්ෂක ගාමිණී අබේවික්‍රම යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභී මහත්ම මහත්මීන් රැසක් සහභාගි විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *