27 April 2024
#දේශීය

මැලේසියාවේ ආගමික සංවිධාන කිහිපයකින් ශ්‍රී ලංකාව සඳහා ඖෂධ පරිත්‍යාග කරයි

ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යොමු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූ මැලේසියාවේ බෞද්ධාගමික හා ආගමික සංවිධාන කිහිපයක්, ශ්‍රී ලංකාව වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කළහ.

ක්වාලාලම්පූර් හි චි හුයි ටැංග් ආයතනය නියෝජනය කළ කෙරීන් ගියොන්ග් මහත්මිය, මැලේසියාවේ යයාසාන් සින් චූ ඇන්ඩ් බෙස්ට් විශස් පදනම නියෝජනය කළ සිව් න්යෝක් චෝ මහත්මිය සහ BLIA සහ ෆෝ ගුවැන්ග් ශාන් මැලේසියා ආශ්‍රමයේ ආශ්‍රමාධිපති ජූ චෙන්ග් තෙරණිය, ඇ.ඩො. 54046.26 ක වටිනාකමින් යුත් මෙම ඖෂධ තොගය මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුමංගල ඩයස් මහතා වෙත ජූනි 14 වැනි දින චාන්සරි පරිශ්‍රයේ දී භාර දුන්හ. මෙම ඖෂධ තොගය 20 වන දින, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගින් ක්වාලාලම්පූර් සිට කොළඹ වෙත එවන ලදි.

මෙම ඖෂධ තොගය භාරදීමේ අවස්ථාව සඳහා නියෝජ්‍ය මහ කොමසාරිස් ඩිලානි වීරකෝන් මහත්මිය සහ දෙවැනි ලේකම් (වාණිජ්‍ය) මේඛලා අබේකෝන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *