හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වනජීවී සංරක්ෂණය සහ වගකීම් සහගත සංචාරක හැසිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (SLTC) සංචාරක කළමනාකරණ අධ්‍යයනාංශයේ සිසුන් විසින් 2026 ලෝක සංචාරක දින සැමරුම පවත්වා තිබේ. “Digital agenda and artificial intelligence to redesign tourism” යන 2026 ලෝක සංචාරක දින තේමාවට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
සංචාරක කර්මාන්තය තුළ ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය යොදා ගනිමින් දෙස් විදෙස් සංචාරකයන්ගේ වගකීම් සහගත සංචාරක හැසිරීම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා විය. ‘Revive’ ව්‍යාපෘතිය යටතේ හෝර්ටන් තැන්නෙන් ලබාගත් කැමරා දර්ශන AI තාක්ෂණයෙන් වැඩිදියුණු කරමින් දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවක් එළිදැක්වීමට ද සිසුන් කටයුතු කර ඇති අතර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ විශ්වවිද්‍යාල රැසක සහභාගීත්වයෙන් විද්වත් කතිකාවතක් ද පවත්වා තිබේ.
















