දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා කොටසේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා සාමාන්ය දුම්රිය ධාවනය ඔක්තෝබර් 02 වැනිදා සවස් වරුවේ සිට නියමිත කාලසටහනට අනුව යළි ක්රියාත්මක කිරීමට නියමිතයි.
සුළි කුණාටුවෙන් හානි වූ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව මෙලෙස දුම්රිය සේවාව නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.
















