27 April 2024
#දේශීය

කුඩා තේ වතු හිමියන්ටත් වන්දි ඉල්ලයි

පොහොර ‍නොමැතිකමින් වගා හානි වු ‍ගොවින් හට වන්දි ලබා දිම් අනුව මාතලේ දිසාවේ තේ සදහා යොදන පොහොර වර්ග නොමැති කමින් තේ දලු අස්වැන්න පහත වැටිම නිසා තමන්ට එම වන්දි ලබා දිම් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව මාතලේ දිස්ත්‍රික් කුඩා තේවතු හිමියන්ගේ සංගමය කියයි.

වර්තමානය වන විට තේ සදහා යොදන පොහොර මිටියක් රුපියල් 1500 සිට රුපියල් 8500 දක්වා ඉහළ ගොස් ඇති බවද කුඩා තේ වතු හිමියෝ කියයි.

මේ නිසා මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ රත්තොට උකුවෙල අඹන්ගගකොරළය ආදි ප්‍රදේශවල කුඩා තේවතු හිමියන් 2000කට වැඩි පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් ඇති බවත් අමු තේ දළු සදහා සාධාරණ මිලක් ද නොලැබෙන බවද ඔවහු කියයි.

තේ වගාව සදහා යොදන යුරියා,ටි එස්පි.එම්ඕපි වැනි පොහොර වර්ග නොමැතිකමින් මෙසේ තේවතු හිමියන් අපහසුතාවයට පත්ව සිටින බවද කුඩා තේවතු හිමියෝ කියයි.

පොහොර නොමැති නිසා කුඩා තේ වතු හිමියන් මෙන්ම කම්කරුවන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් ඔවුන්ද ආදයම් නොලැබිම නිසා දැඩි ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින බවද ඔවුහු කියයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *