27 April 2024
#ව්‍යාපාර

ඇක්විටි පාට්නර්ස් සමාගමට නව සභාපතිවරයෙක් සහ ස්වාධීන අධ්‍යක්ෂවරු දෙදෙනෙක් පත්වෙති

DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන තිමල් පෙරේරා මහතා, ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගමේ [Acuity Partners (Private) Limited] අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබේ.

ඇක්විටි පාට්නර්ස් යනු DFCC බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ සම-හිමිකාරීත්වය යටතේ පවතින, පූර්ණ-සේවා ආයෝජන බැංකුවකි. මෙම පත්කිරීමට අමතරව, ලලිත් විතාන සහ සචිත් එන්. පෙරේරා යන මහත්වරුන් එම සමාගමේ නව ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර ඇත. මෙම නව පත්කිරීම් විශේෂයෙන්ම විගණනය සහ අවදානම් කළමනාකරණය යන අංශ වලට අදාළව එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. ඇක්විටි පාට්නර්ස් සමාගම මේ වනවිට ආයතනික මූල්‍ය, කොටස්, ස්ථාවර ආදායම් සුරැකුම්පත්, ‘වෙන්චර් කැපිටල්’ සේවාවන් සහ වත්කම් කළමනාකරණ සේවාවන් ඇතුළු සේවාවන් රාශියක් පිරිනමයි.

බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයෙකු වන තිමල් පෙරේරා මහතා 2022 ජනවාරි 01 දින ඇක්විටි පාට්නර්ස් හි සභාපති වරයා ලෙස නිල වශයෙන් වැඩ භාරගත්තේ ය. මූල්‍ය සේවා හා බැංකුකරණ ක්ෂේත්‍ර වල දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දශක දෙකකට අධික පළපුරුද්දක් ඒ මහතා සතු වේ. මීට පෙර ඒ මහතා හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරමින් එම බැංකුවේ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණ සේවා අංශයන් මෙහෙයවී ය. එමෙන්ම ඒ මහතා HSBC බැංකුව (ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල), කටාර් රාජ්‍යයේ කොමර්ෂල් බැංකුව සහ සහ එක්සත් අරාබි රාජ්‍යයේ බාක්ලේස් බෑන්ක් පීඑල්සී යන බැංකු වලද සේවය කර තිබේ. HSBC බැංකුවේදී ඒ මහතා කාඩ්පත් හා ඩිජිටල් නාලිකා ප්‍රධානී ලෙස කටයුතු කරමින්, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාප වල ව්‍යාපාර කටයුතු අධීක්ෂණය කළේ ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඒ මහතා බාක්ලේස් බැංකුවේ අධ්‍යක්ෂ (පාරිභෝගික සේවා සහ ව්‍යාපාරික බැංකුකරණ) ලෙස කටයුතු කළ අතර, හැටන් නැෂනල් බැංකුව සමග එක් වූ පසුව ඒ මහතා HNB Assurance PLC, HNB General Insurance සහ HNB Grameen Limited යන සමාගම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කළේ ය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන ඒ මහතා, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සුදුසුකම්ද සපුරා ඇත.

ලලිත් විතාන මහතා, බැංකු, නිෂ්පාදන හා වෙළඳ ක්ෂේත්‍ර වල ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු දැරූ, වසර 25 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි. Brandix Group, Ernst and Youth, Amsterdam Rotterdam Amro Bank, IBM World Trade Corporation, Carson Cumberbatch, Ceylon Tea Services Limited සහ Yamaha Corporation USA වැනි සමාගම් රාශියක ඒ මහතා විවිධ තනතුරු දරා ඇත. මීට පෙර ඒ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමූහ ප්‍රධාන මූල්‍ය හා පරිපාලන නිලධාරී ලෙසත්, ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් කටයුතු කර තිබේ. Agility Consulting Services (පුද්.) සමාගමේ නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඒ මහතා, Laughs Gas PLC, Laughs Maritime Services (Private) Limited, Softlogic Life Insurance PLC සහ HNB Finance PLC යන සමාගම් වල අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි. එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් ඒ මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් (MBA) ලබාගත්තේ ය. එමෙන්ම ඒ මහතා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය යන ආයතන වලද සාමාජිකයෙකි. තවද ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ Project Management Institute (PMI) හි ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිකයෙකුද වේ.

බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයෙකු වන සචිත් එන්. පෙරේරා මහතා, වසර 26 ක කාලයක් HSBC ආයතනයෙහි සේවය කර ඇති අතර, ඉන් වසර 12 ක කාලයක් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ HSBC ආයතනයේ භාණ්ඩාගාරික සහ ගෝලීය වෙළඳපොළ ප්‍රධානී ලෙස සේවය කළේ ය. මෙම තනතුර තුළ ඒ මහතාගේ මූලික වගකීම් වූයේ විදේශ විනිමය හා අනුපාත කළමනාකරණය, ව්‍යුත්පන්න වෙළඳාම්, මූල්‍ය කළමනාකරණය සහ දේශීය කොටස් වල ආයෝජනය කරන විදේශීය ආයෝජකයන් වෙනුවෙන් භාරකාර සේවාවන් සැපයීම යනාදියයි. එමෙන්ම ඒ මහතා HSBC ආයතනයේ විධායක, මූල්‍ය කළමනාකරණ, අවදානම් කළමනාකරණ සහ අනුකූලතා කමිටු වල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේ ය. 2017 වර්ෂයේදී HSBC ආයතනයෙන් කල්තබා විශ්‍රාම ගත් ඒ මහතා, දේපළ වෙළඳාම් සහ සත්කාරක සේවා ක්ෂේත්‍ර වල වෙනත් ව්‍යාපාර කටයුතු වෙත යොමු විය.

අධ්‍යක්ෂ මණ්ඩලයට සිදුකරන ලද මෙම නව පත්කිරීම් සහ, ප්‍රධාන හවුල්කාර දෙපාර්ශ්වයේ අඛණ්ඩ සහයෝගය සමගින්, ආයෝජන බැංකුකරණ ක්ෂේත්‍රය තුළ තව තවත් ශක්තිමත් හා පුළුල් වෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුවක් ලෙස තමන් සතු ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට ඇක්විටි පාට්නර්ස් සමාගමට හැකියාව ලැබෙනු ඇත. නව පත්කිරීම් සමගින් ඇක්විටි පාට්නර්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තිමල් පෙරේරා (සභාපති), රේ අබේවර්ධන (කළමනාකාර අධ්‍යක්ෂ), රජීව දිසානායක, දමිත් පල්ලෙවත්ත, සංජේ විජේමාන, ලලිත් විතාන සහ සචිත් එන්. පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.

තිමල් පෙරේරා
අධ්‍යක්ෂ මණ්ඩල සභාපති – ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගම

ලලිත් විතාන
අධ්‍යක්ෂ – ඇක්විටි පාට්නර්ස් සමාගම

සචිත් එන්. පෙරේරා
අධ්‍යක්ෂ – ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගම

 

පිටපත – PR

 

 

Acuity Partners Announces New Chairman and 2 New Independent Directors

Thimal Perera, who presently serves as Director/CEO of DFCC Bank PLC, has been appointed Chairman of the Board of Directors of Acuity Partners (Private) Limited;a full-service investment bank that is an equally owned joint venture between DFCC Bank and Hatton National Bank. Alongside this, the Board of Acuity Partners welcomed two new Independent Non-Executive Directors, Lalith Withana and Sachith N Perera. These new appointments will help to further strengthen the Board of Acuity Partners, particularly in the areas of Audit and Risk Management.Acuity Partners offers a comprehensive suite of products and services that include Corporate Finance, Equities, Fixed Income Securities, Venture Capital Services and Asset Management.

A distinguished banker and Director/CEO of DFCC Bank PLC, Mr. Perera assumed duties as Chairman of Acuity Partners on the 1st of January 2022. Mr. Perera has over two decades of experience in the financial services and banking sector, nationally and internationally. He has also served as the Deputy General Manager of Hatton National Bank, where he guided the retail and SME banking sector. Mr. Perera has also worked with HSBC, in Sri Lanka and abroad, the Commercial Bank of Qatar and Barclays Bank PLC in the UAE. During his tenure at HSBC, he was the Regional Head of Cards and Digital Channels overseeing the Middle East and North Africa Regions. At Barclays Bank, he served as the Director of Retail Products and Business Banking in the UAE. At HNB, Mr Perera also served as a board member of HNB Assurance PLC, HNB General Insurance and HNB Grameen Limited. He is also member of the Institute of Chartered Accountants of Sri Lanka and a passed finalist of the Chartered Institute of Management Accountants UK.

Lalith Withana is a senior and highly respected professional who has held management positions in the corporate sector for over 25 years, including senior management positions in banking, manufacturing and trading. He has worked with many organizations including the Brandix Group, Ernst and Youth, Amsterdam Rotterdam Amro Bank, IBM World Trade Corporation, Carson Cumberbatch, Ceylon Tea Services Limited and Yamaha Corporation USA. He has served as the Group Chief Finance and Administrative Officer for Sri Lankan Airlines and Chief Executive Officer of Sri Lankan Catering. He is presently serving as the Founder and Managing Director of Agility Consulting Services (Private) Limited and also as a Director of Laughs Gas PLC, Laughs Maritime Services (Private) Limited, Softlogic Life Insurance PLC and HNB Finance PLC. He holds an MBA from the University of Sri Jayewardenepura and a Bachelor of Arts (BA) Hons from the University of Manchester Metropolitan, UK. Mr. Withana is also a fellow member of both the Chartered Institute of Management Accountants (FCMA) UK and the Institute of Chartered Accountants of Sri Lanka (FCA). He is also a Project Management Professional of the Project Management Institute (PMI), USA.

Sachith N Perera is a respected professional in the banking industry, having served over 26 years at HSBC, 12 of which were in the capacity of Treasurer and Head of Global Markets for HSBC Sri Lanka and the Maldives. In this role, he was responsible for the bank’s forex and rates management, derivatives trading, balance sheet management and custodial services for foreign investors in local equities. Mr. Perera also served as a member of the Executive, Balance Sheet Management, Risk Management and Compliance committees at HSBC. In 2017, he chose early retirement from HSBC to pursue other business interests in real estate and hospitality.

The new board appointments and the continued support and collaboration of the two key shareholders are helping Acuity Partners to strengthen its position within the industry and continue to expand its footprint within the investment banking sector, helping to position itself among Sri Lanka’s leading investment banks. Subsequent to the new appointments, the Board of Directors of Acuity Partners is comprised of Thimal Perera (Chairman) Ray Abeywardena (Managing Director), Rajive Dissanayake, DamithPallewatte, Sanjay Wijemane, LaltihWithana and Sachith N Perera.

Thimal Perera
Chairman of the Board of Directors of Acuity Partners (Private) Limited;

Lalith Withana
Director – Acuity Partners (Private) Limited

Sachith N Perera
Director – Acuity Partners (Private) Limited

 

 

Acuity Partners புதிய பணிப்பாளர் சபைத் தலைவர் மற்றும் 2 புதிய சுயாதீன பணிப்பாளர்களின் நியமனம் தொடர்பில் அறிவித்துள்ளது

தற்போது DFCC வங்கி பிஎல்சியின் பணிப்பாளர் மற்றும் தலைமை நிர்வாக அதிகாரியாகப் பணியாற்றி வருகின்ற திமால் பெரேரா அவர்கள், DFCC வங்கி மற்றும் ஹட்டன் நஷனல் வங்கி ஆகியவற்றுக்கு இடையிலான சம உரிமையாண்மையுடனான கூட்டு வர்த்தக முயற்சியாக ஸ்தாபிக்கப்பட்டுள்ள முழுமையான சேவைகளை வழங்கி வருகின்ற முதலீட்டு வங்கியான Acuity Partners (Private) Limited இன் பணிப்பாளர் சபையின் தலைவராக நியமிக்கப்பட்டுள்ளார். அத்துடன், இரண்டு புதிய சுயாதீன நிர்வாக அதிகாரமற்ற பணிப்பாளர்களான லலித் விதான மற்றும் சச்சித் என் பெரேரா ஆகியோரையும் Acuity Partners பணிப்பாளர் சபை வரவேற்றுள்ளது. இந்த புதிய நியமனங்கள், குறிப்பாக கணக்காய்வு மற்றும் இடர் முகாமைத்துவம் ஆகிய துறைகளில், Acuity Partners பணிப்பாளர் சபையை மேலும் வலுப்படுத்த உதவும். வர்த்தக நிதி வழங்கல், பங்குகள், நிலையான வருமான பிணையங்கள், புதிய வர்த்தக முயற்சிகளுக்கான முதலீட்டு சேவைகள் மற்றும் சொத்து முகாமைத்துவம் ஆகியவற்றை உள்ளடக்கிய தயாரிப்புகள் மற்றும் சேவைகளின் விரிவான வரிசையை Acuity Partners வழங்கி வருகிறது.

புகழ்பெற்ற வங்கியாளரும் மற்றும் DFCC வங்கியின் பணிப்பாளர்/தலைமை நிர்வாக அதிகாரியுமான, திரு. பெரேரா 2022 ஜனவரி 1 ஆம் திகதி முதல் Acuity Partners இன் தலைமை அதிகாரியாகப் பொறுப்பேற்றுள்ளார். திரு. பெரேரா அவர்கள் நிதியியல் சேவைகள் மற்றும் வங்கிச்சேவை துறையில் இரு தசாப்த காலத்திற்கும் மேற்பட்ட அனுபவத்தைக் கொண்டுள்ளார். அவர் ஹட்டன் நஷனல் வங்கியின் பிரதிப் பொது முகாமையாளராகவும் பணியாற்றியுள்ளதுடன், அங்கு அவர் தனிநபர் மற்றும் சிறிய, நடுத்தர அளவிலான தொழில் முயற்சிப் பிரிவுக்கான வங்கிச்சேவையை வழிநடத்தியுள்ளார். திரு. பெரேரா அவர்கள் இலங்கை மற்றும் வெளிநாடுகளில் எஸ்எச்பிசி (HSBC) வங்கியில் பணியாற்றியுள்ளதுடன், கட்டார் கொமர்ஷல் வங்கி மற்றும் ஐக்கிய அரபு இராச்சியத்திலுள்ள பார்க்லேஸ் வங்கி பிஎல்சி (Barclays) ஆகியவற்றிலும் பணியாற்றியுள்ளார். எச்எஸ்பிசி (HSBC) வங்கியில் அவர் பணிபுரிந்த காலத்தில், மத்திய கிழக்கு மற்றும் வட ஆபிரிக்கா பிராந்தியங்களுக்கு மேலதிகாரியாக அட்டைகள் மற்றும் டிஜிட்டல் ஊடகங்களின் பிராந்திய தலைமை அதிகாரியாக பணியாற்றியுள்ளார். பார்க்லேஸ் (Barclays) வங்கியில், அவர் ஐக்கிய அரபு இராச்சியத்தின் தனிநபர் தயாரிப்புகள் மற்றும் வணிக வங்கிச்சேவைக்கான பணிப்பாளராக பணியாற்றியுள்ளார். ஹட்டன் நஷனல் வங்கியில், திரு பெரேரா அவர்கள் HNB Assurance PLC, HNB General Insurance மற்றும் HNB Grameen Limited ஆகியவற்றின் பணிப்பாளர் சபை அங்கத்தவராகவும் பணியாற்றியுள்ளார். அவர் இலங்கையின் பட்டயக் கணக்காளர் கல்வி நிறுவனத்தின் அங்கத்தவராகவும் மற்றும் ஐக்கிய இராச்சியத்தின் பட்டய முகாமைத்துவக் கணக்காளர்கள் கல்வி நிறுவனத்தின் இறுதி மட்டத்தில் சித்தியடைந்தவராகவும் உள்ளார்.
லலித் விதான ஒரு சிரேஷ்ட மற்றும் மிகவும் நன்மதிப்பிற்குரிய தொழில்முறையாளர் என்பதுடன், அவர் வங்கிச்சேவை, உற்பத்தி மற்றும் வர்த்தகத்தில் சிரேஷ்ட முகாமைத்துவப் பதவிகள் அடங்கலாக, 25 ஆண்டுகளுக்கும் மேலாக வர்த்தகத் துறையில் முகாமைத்துவப் பதவிகளை வகித்துள்ளார். Brandix Group, Ernst and Young, Amsterdam Rotterdam Amro Bank, IBM World Trade Corporation, Carson Cumberbatch, Ceylon Tea Services Limited மற்றும் Yamaha Corporation USA போன்ற பல நிறுவனங்களில் அவர் பணியாற்றியுள்ளார். அவர் ஸ்ரீலங்கன் எயார்லைன்ஸின் குழுமத் தலைமை நிதி மற்றும் நிர்வாக அதிகாரியாகவும், Sri Lankan Catering நிறுவனத்தின் தலைமை நிர்வாக அதிகாரியாகவும் பணியாற்றியுள்ளார். அவர் தற்போது Agility Consulting Services (Private) Limited நிறுவனத்தின் ஸ்தாபகர் மற்றும் முகாமைத்துவப் பணிப்பாளராகவும், Laugfs Gas PLC, Laugfs Maritime Services (Private) Limited, Softlogic Life Insurance PLC மற்றும் HNB Finance PLC ஆகியவற்றின் பணிப்பாளராகவும் செயற்பட்டு வருகின்றார். அவர் ஸ்ரீ ஜெயவர்தனபுர பல்கலைக்கழகத்தில் வணிக நிர்வாக முதுமாணிப் பட்டத்தையும், ஐக்கிய இராச்சியம், University of Manchester Metropolitan பல்கலைக்கழகத்தில் இளங்கலைமானி பட்டத்தையும் பெற்றுள்ளார். திரு. விதான அவர்கள் ஐக்கிய இராச்சியம் பட்டய முகாமைத்துவ கணக்காளர்கள் நிறுவனம் (FCMA) மற்றும் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனம் (FCA) ஆகிய இரண்டின் சக அங்கத்தவர் ஆவார். அவர் அமெரிக்காவின் Project Management Institute இல் செயற்திட்ட முகாமைத்துவ தொழில் வல்லுனராகவும் (Project Management Professional) உள்ளார்.
சச்சித் என் பெரேரா அவர்கள் வங்கிச்சேவை துறையில் ஒரு நன்மதிப்புடைய தொழில் நிபுணத்துவம் கொண்டவர் என்பதுடன், எச்எஸ்பிசி (HSBC) வங்கியில் 26 ஆண்டுகளுக்கும் மேலாக சேவையாற்றியுள்ளார். அதில் 12 வருடங்களாக இலங்கை மற்றும் மாலைதீவுக்கான திறைசேரி பொருளாளர் மற்றும் Global Markets இன் தலைமை அதிகாரி பதவியை வகித்துள்ளார். இந்த பாத்திரத்தில், வங்கியின் அந்நிய செலாவணி மற்றும் வீதங்களின் முகாமைத்துவம், வகையீட்டு வர்த்தகம், ஐந்தொகை முகாமைத்துவம் மற்றும் உள்ளூர் பங்குகளில் வெளிநாட்டு முதலீட்டாளர்களுக்கான பாதுகாப்பு சேவைகளுக்கு அவர் பொறுப்பு வகித்துள்ளார். திரு. பெரேரா அவர்கள், எச்எஸ்பிசி (HSBC) வங்கியில் அதிகாரி, ஐந்தொகை முகாமைத்துவம், இடர் முகாமைத்துவம் மற்றும் இணக்கப்பாடு அணிகளின் அங்கத்தவராகவும் பணியாற்றியுள்ளார். 2017 ஆம் ஆண்டில், ஆதனம் மற்றும் விருந்தோம்பலில் பிற வணிக ஆர்வங்களை மேற்கொள்வதற்காக அவர் எச்எஸ்பிசி (HSBC) வங்கியிலிருந்து முன்கூட்டியே ஓய்வு பெற விரும்பி, அதை மேற்கொண்டார்.
புதிய பணிப்பாளர் சபை நியமனங்கள் மற்றும் இரண்டு முக்கிய பங்குதாரர்களின் தொடர்ச்சியான ஆதரவு மற்றும் ஒத்துழைப்பு ஆகியவை Acuity Partners நிறுவனத்திற்கு தொழில்துறையில் தனது ஸ்தானத்தை வலுப்படுத்த உதவுவதுடன், முதலீட்டு வங்கிச்சேவைத் துறையில் தனது அடிச்சுவட்டை விரிவுபடுத்தி, இலங்கையில் முன்னிலை வகிக்கும் முதலீட்டு வங்கிகள் மத்தியில் தனது ஸ்தானத்தை வலுப்படுத்துவதற்கும் உதவுகின்றன. புதிய நியமனங்களைத் தொடர்ந்து, Acuity Partners நிறுவனத்தின் பணிப்பாளர் சபையானது திமால் பெரேரா (பணிப்பாளர் சபைத் தலைவர்) ரே அபேவர்தன (முகாமைத்துவப் பணிப்பாளர்), ரஜீவ் திசாநாயக்க, தமித் பல்லேவத்த, சஞ்சய் விஜேமான, லலித் விதான மற்றும் சச்சித் என் பெரேரா ஆகியோரைக் கொண்டுள்ளது.

திமால் பெரேரா
Acuity Partners (Private) Limited இன் பணிப்பாளர் சபைத் தலைவர்;

லலித் விதான
பணிப்பாளர் – Acuity Partners (Private) Limited

சச்சித் என் பெரேரா
பணிப்பாளர் – Acuity Partners (Private) Limited

Leave a comment

Your email address will not be published. Required fields are marked *