• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් ක්‍රිකට් නංවන්න සුවිශේෂී වැඩසටහන් රැසක්

10 August 2018
in ක්‍රීඩා

දිවයින පුරා විසිරී සිටින ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා සහ හැකියාවන් සහිත පාසල් දරුවන්ගේ දක්ෂතා ජාතික මට්ටමට සුදුසු පරිදි නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සකස්කර ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් හා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා සංවිධානය කර තිබූ ක්‍රිකට් ක්‍රීඩා හැකියා සංවර්ධන පුහුණු වැඩසටහනට එක්වෙමින්.

අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට වගකීම් බාර දී ඔවුන්ට එම කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර දීම දේශපාලන නායකත්වයේ කාර්යභාරය බැවින් පාසල් ක්‍රිකට් ඉහළ නැංවීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමටත් එය ක්‍රියාත්මක කිරීමටත් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීනයන් සම්බන්ධ කරගත් බවයි.
මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම අනුව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් පුහුණුකරුවන් සහ උපදේශකවරුන්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමින්විතව පිහිටුවන ලද කමිටුව විසින් සකස්කරන ලද පාසල් ක්‍රිකට් ජාතික මෙහෙයුම් සැලැස්ම 2018-2020 මගින් ඉදිරිපත් කර තිබූ යෝජනා ද සැලකිල්ලට ගනිමින්.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ශාඛාව සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සම්පත් දායකත්වය ලබාදුන්නා.

මෙහිදී සිදත් වෙත්තමුණි මහතා පාසල් තරග සිට පළමු පෙළ තරග දක්වා පිතිකරණ කලාව යන මැයෙන් ද මහේල ජයවර්ධන මහතා තරුණ ක්‍රීඩකයින් සංවර්ධනය කිරීම යන මැයෙන් ද රුචිර පල්ලියගුරු මහතා ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකභාවය, විනය සහ නායකත්ව භූමිකාව යන මැයෙන් ද දේශන හා සාකච්ඡා පැවැත්වුවා. මීට අමතරව ජයන්ත සෙනෙවිරත්න මහතා පාසල් ක්‍රිකට් පුහුණුකිරීම් සම්බන්ධ අත්දැකීම් පිළිබඳව ද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව ද වැඩසටහනේදී අදහස් ඉදිරිපත් කළා.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා.

Post Views: 9
Previous Post

බිම් මට්ටමේ කාන්තාව ශක්තිමත් කළේ වත්මන් ආණ්ඩුවෙන් පමණයි ……. ! අගමැති

Next Post

ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල්වලින් මිල වෙනසක් නෑ

editor

editor

Next Post

ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල්වලින් මිල වෙනසක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved