අඩු පිරිවැයකින් නිපදවන ඩ්‍රෝන යානා භාවිත කරමින් ඩොලර් මිලියන ගණනක් වටිනා යුධ ටැංකි සහ සන්නාහිත රථ පහසුවෙන් විනාශ කිරීමට හැකිවීමත් සමඟ, යුක්‍රේන හමුදාව සන්නාහිත රථ භාවිතය සම්පූර්ණයෙන්ම පාහේ අත්හිටුවා ඇති බව යුක්‍රේන හමුදාවේ හිටපු ප්‍රධානියා උපුටා දක්වමින් මාධ්‍යවේදී මැරියෝ නවුෆල් වාර්තා කරයි.
මෙම තාක්ෂණික වෙනසත් සමඟ සම්ප්‍රදායික යුධ උපක්‍රම සහ ආයුධ නිෂ්පාදන ක්‍රමවේදයන් මුළුමනින්ම බිඳවැටී ඇති බවත්, නවීන යුධ බිමට ගැළපෙන පරිදි අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ හැකි ඩ්‍රෝන යානා සහ ඩ්‍රෝන නාශක ‘ගාඩියන්’ ඉන්ටර්සෙප්ටර් තාක්ෂණය ප්‍රමුඛතාව ලබාගන්නා බවත් පෙන්වා දී තිබේ.














