අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු සහ දෙවන අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි මෙරට වැඩිහිටි ලක්ෂ හයකට අධික පිරිසක් සඳහා සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව එළඹෙන ඔක්තෝබර් මස 01 වනදා ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ. රටේ ආර්ථික අභියෝග හා විවිධ මූල්‍යමය බාධක මධ්‍යයේ වුවද, සමාජයේ වැඩිමනත් අවධානයට හා ආරක්ෂාවට ලක්විය යුතු ආන්තික ප්‍රජාවන් වෙනුවෙන් ලබා දෙන මෙම සහන අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටී.
මෙම වැඩපිළිවෙළ යටතේ පළමු අදියරේදී අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකුටත්, දෙවන අදියර යටතේ තවත් වැඩිහිටියන් 79,063 දෙනෙකුටත් මෙම මූල්‍ය ප්‍රතිලාභය හිමිවන අතර, එමඟින් වැඩිහිටි ප්‍රජාවගේ දෛනික ජීවන වියදම් පීඩනය සැළකිය යුතු මට්ටමකින් අවම කර ගැනීමට මඟපෑදේ. වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන සුබසාධක ප්රතිලාභ කළමනාකරණ ක්‍රමවේදය වඩාත් විනිවිදභාවයකින් යුතුව සහ නියමිත කාලසීමාවන් තුළ ක්‍රියාත්මක වීම හේතුවෙන් ප්‍රතිලාභීන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව සිය දීමනා ලබා ගැනීමට පහසුකම් සැලසී තිබේ.
ඉදිරි කාලය තුළ ද මෙම සමාජ සුබසාධක ජාලය තවදුරටත් පුළුල් කරමින්, ආර්ථික අපහසුතාවලින් පෙළෙන වැඩිහිටි සහ අවදානමට ලක්වූ පවුල් වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන අඛණ්ඩව ලබා දීමට රජය අපේක්ෂා කරයි. ජනතා සුභසාධනය ප්රමුඛ කොටගත් මෙම වැඩපිළිවෙළ හරහා ජාතික මට්ටමින් සමාජ ආරක්ෂණ ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















