2009 වසරේ සිට මේ දක්වා කාලය තුළ ගල් අඟුරු ආනයනයේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සහ වංචාවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාව වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා අද (12) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පසුගිය කාලසීමාව තුළ සිදුව ඇති බවට සැකකෙරෙන මහා පරිමාණ ගල් අඟුරු වංචාවන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
මීට අමතරව ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව මහතා ද මෙම ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් භාර දී තිබේ. රජයට විශාල මූල්‍ය අලාභයක් සිදු කළ මෙම ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙම පැමිණිලි මගින් අවධාරණය කර ඇත.














