එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට සමගාමීව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සෙයියද් අබ්බාස් අරග්රාචි මහතා හමුවී තිබෙනවා.
එහිදී වත්මන් කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන්.
කලාපයේ පවතින නොසන්සුන්තාව අවම කර කලාපීය ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම කලාපීය ගැටලු විසඳීම සහ නොසන්සුන්තාව පහත හෙළීම සඳහා දරන ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ සහය අඛණ්ඩව ලබාදෙන බවද විජිත හේරත් මහතා පවසා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදීද ශ්‍රී ලංකාව ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡාව එකම ශක්‍ය මාර්ගය ලෙස අවධාරණය කර තිබෙනවා.
















