2026 ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අටක කාලය තුළ මෙරට ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 4,072.1ක් වැය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 61.6%ක ඉහළ යාමක් වන අතර, 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා ඉන්ධන ආනයනය සඳහා වැය වී තිබූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2,520.6කි. ඒ අනුව වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,551.5කින් ඉහළ ගොස් තිබේ.
මහ බැංකු දත්ත අනුව, 2026 අගෝස්තු මාසයේ පමණක් ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 450.6ක් වැය වී ඇති අතර, එය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව 76.5%ක වැඩිවීමකි. එමෙන්ම අගෝස්තු මාසයේ පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන වියදම 58.7%කින් ඉහළ ගොස් තිබේ.
















