මොණරාගල කොට්ඨාසයේ බුත්තල, කුඩාඔය සහ ඔක්කම්පිටිය පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සඳහා අලුතින් ඉදිකරන ලද නිල නිවාස 2026 ඔක්තෝබර් 3 වැනිදා පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කර නිල වශයෙන් භාරදී තිබේ.
එම අවස්ථාවට සමගාමීව ඉදිකෙමින් පවතින මොණරාගල කොට්ඨාස පොලිස් අධිකාරි කාර්යාලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුද පොලිස්පතිවරයා විසින් නිරීක්ෂණය කර ඇති අතර, එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවශ්ය උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.
මෙම අවස්ථාවට ඌව පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මොණරාගල කොට්ඨාසය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි W.M.S.B. Wickramasinghe මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.
















