නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන රුපියල් මිලියන 36.5කට වැඩි වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමඟ 51 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි සිට මෙරටට පැමිණි පල්ලෙකැලේ, මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ග්‍රෑම් 996ක් බරැති ස්වර්ණාභරණ පාර්සල් 4ක සඟවාගෙන සිටි බව වාර්තා වේ. මෙම වැටලීම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ස්වර්ණාභරණ තොගය රේගු නිලධාරීන් වෙත භාරදී ඇති අතර, රේගු විමර්ශනයෙන් අනතුරුව ස්වර්ණාභරණ රාජසන්තක කර සැකකරුට රුපියල් මිලියන 3.7ක දඩයක් නියම කර ඇති බව වාර්තා වේ.














