පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. මෙම නිවේදනය අද (12) පස්වරු 4:00 සිට හෙට (13) පස්වරු 4:00 දක්වා වලංගු වේ.
දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම (තැඹිලි)
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. එම ප්‍රදේශවාසීන් නායයෑමේ ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යාමට සූදානමින් සිටිය යුතුය.
පළමු මට්ටමේ අනතුරු ඇඟවීම (කහ)
පහත දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වේ
බදුල්ල: බණ්ඩාරවෙල
කළුතර: වලල්ලාවිට
මහනුවර: උඩපළාත, පාතහේවාහැට, යටිනුවර, ගඟ ඉහළ කෝරළේ, අකුරණ, ගඟවට කෝරළේ, දොළුව, පස්බාගේ කෝරළේ සහ පන්විල
කෑගල්ල: අරණායක, රඹුක්කන, මාවනැල්ල, කෑගල්ල, බුලත්කොහුපිටිය සහ යටියන්තොට
කුරුණෑගල: රිදීගම
මාතලේ: නාවුල, අඹන්ගඟ කෝරළේ සහ රත්තොට
මොණරාගල: වැල්ලවාය සහ බඩල්කුඹුර
රත්නපුර: කලවාන, ගොඩකවෙල සහ රත්නපුර
පොළොවේ ඉරිතැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම සහ හදිසියේ දිය උල්පත් මතු වීම වැනි පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














