මෙවර ජාතික ඕසෝන් දින සැමරුම “ගෝලීය සිසිලනය සඳහා එක්ව ක්‍රියාකරමු” යන තේමාව යටතේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන පදනමේ ශ්‍රී ලංකා නියෝජිත අසූෂා කුබෝටා මහත්මිය විශේෂ ආරාධිත ලෙස එක්වූ අතර, ඕසෝන් ස්ථරය රැකගැනීමේ වැදගත්කම සහ අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දැනුවත් කිරීම් සිදු කෙරිණි.
මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රුචිර විජේසේන මහතා විසින් විශේෂ දේශනයක් පවත්වන ලද අතර, පාලිත රසායනික ද්‍රව්‍ය හා උපකරණ හඳුනා ගනිමින් අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ සහාය ඇතිව සකස් කරන ලද අත්පොත පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ ආචාර්ය අෂ්රොෆ් සම්සුදීන් මහතා වෙත ප්‍රදානය කරන ලදී. පරිසර නියමු සිසුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














