සංවර්ධන අත්දැකීම් හුදෙක් නියමු ව්‍යාපෘතිවලට පමණක් සීමා නොකර, ජාතික මට්ටමින් සමස්ත රටටම බලපාන පරිදි ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ‘සෙමාවුල් උන්දොං’ පිළිබඳ දැනුවත් කිරීමේ සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දකුණු කොරියාවේ ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ‘සෙමාවුල් උන්දොං’ සංවිධානයේ අත්දැකීම් සහ දැනුම ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහනට ප්‍රායෝගිකව යොදා ගැනීමේ වැදගත්කම ඒ මහතා පෙන්වා දුන්නේය. ලෝකයේ සංවර්ධනය වෙමින් පැවති රටවල සාධනීය කරුණු උකහා ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය තත්ත්වයන්ට ගැළපෙන ලෙස ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන නිර්මාණය කර ඇති බවත්, ග්‍රාමීය සංවර්ධනය සහ දිළිඳුකම තුරන් කිරීම වර්තමාන රජයේ ප්‍රධාන අරමුණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














