බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව අවශ්‍ය කර සිටින සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.
පොලිසිය සඳහන් කර ඇත්තේ අදාළ සැකකරුවන් මේ වනවිට ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශවලින් පලාගොස් සැඟව සිටින බවයි. ඔවුන් පිළිබඳ තොරතුරක් දන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එසේම, තොරතුරු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත 0718 592 167 යන දුරකථන අංකය ඔස්සේ දැනුම්දිය හැකි බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය වරදක් තවමත් අධිකරණයෙන් තහවුරු වී නොමැති බවද සැලකිල්ලට ගත යුතුය.
















