මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක පිහිටි වතු නිවාස ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී ඇති අතර, හැටන් – නුවරඑළිය සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගවල ගමන් කිරීමේදී විශේෂ අවධානයෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා තිබේ.
මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම වාර්තා අනුව අද දිනය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එබැවින් අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ අනවශ්‍ය ගමන්වලින් වළකින ලෙසත්, මාර්ග තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් ජනතාවට දැනුම් දී තිබේ.
















